රටේ ආරක්ෂාව ගැන ප්‍රකාශයක් කරන්නැයි අගමැති පොලිස්පතිට කියයි

Share

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලදී ප්‍රකාශයක් නිකුත් කරන ‌ලෙස පොලිස්පතිවරයට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පැවසීය.

වෙසක් කාල සිමාවේදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට රජය සූදානම් බවත්, විහාරස්ථානවල තොරන් හා දන්සල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් නිකුත් කර තිබෙන නිවේදනය අනුව කටයුතු කරන බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

වෙසක් උත්සවය කල් දැමීමට හෝ නතර කිරීමට රජයට උවමනාවක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ථේරවාදී බුදුදහම ආරක්ෂාව වී තිබෙන්නේ ලංකාවේ බවත්, වෙසක් පොහොය සැමරීම පෘතුගීසින්ට පවා නතර කිරීමට නොහැකි වූ බවත් හෙතෙම පවසා සිටියේය.

ක්‍රීඩා පුහුණුකරුවන් 3888 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News