සමස්ථ දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි

Share

සමස්ථ දිවයිනටම වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රි 9.00 සිට හෙට උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව හෙට(14) උදෑසන 4.00 දක්වා දිවයිනේ සියලු ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිසීය පවසයි.

තවද ගම්පහ පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව හෙට(14) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිසීය පවසයි.

ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ,වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල හා යක්කල පොලිස් වසම්වලට බලපැවැත්වෙන පරිදි මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

Read more

Local News