යාපනයේ ජනතාවගෙන් ආරක්ෂක අංශ වෙත සහය

Share

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව ජාති ආගම් භේදයකින් තොරව ආරක්ෂක අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම එම දිස්ත්‍රික්කයේ සාමය ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ වලට මහඟු පිටුවහලක් වී ඇති බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙම තත්ත්වය ඉදිරියටත් ගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සියලුම විශේෂිත ස්ථානවලට ආරක්ෂාව සපයා ඇති බව ඒ මහතා පවසයි.

මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම යම් කිසි සැකකටයුතු පුද්ගලයෙක් හෝ වෙනත් යම් ක්‍රියාවක් සම්බන්දයෙන් දැනුවත් වුවහොත් ඒ පිලිබඳව ළඟම ඇති ආක්ෂ ස්ථානය වෙත දැනුම් දෙන ලෙසද  ඒ මහතා පවසයි.

ඉතාම සුළු කාලයක් තුලදි ක්‍රියාත්මක වීම සඳහා ආරක්ෂ අංශ සුදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News