කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

Share

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 80 ක් මිලි මීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක්, කඩුවක් ද සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්දයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකක වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News