මධ්‍යම පළාතේ සියලු මත්පැන් සැල් වසයි

Share

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පලාතේ සියළුම මත්පැන්සැල් තාවකාලිකව වසා දැමිමට කටයුතු කල බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය.

අද (14) උදැසන සිට විවෘත කර තිබු මත්පැන්සැල් අද (14) පස්වරු 2 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් මේ වන විට කටයුතු කර ඇත.

ඇතැම් පලාත් වල මේ දිනවල පවතින නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ අද සිට සතියක් පුරා මධ්‍යම පලාතේ මත්පැන් සැල් වසා දමන ලෙස සුරාබදු කොමසාරිස්වරයාගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලිමක් කර ඇති බව වාර්තා වේ.

අද දිනයේ මත්පැන්සැල් වසා දමා ඉදිරි දින කිහිපයේදි මත්පැන් සැල් වසා දැමිම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිරණයකට එළඹිය හැකි බව සුරාබදු කොමසාරිවරයා විසින් ආණ්ඩුකාරවරයාව දැනුවත් කර ඇති බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කාර්යයාලයෙන් කළ වීමසීමකදී පවසා ඇත.

Read more

Local News