සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් කිෂු ගෝමස් ඉවතට ?

Share

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂු ගෝමස් මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට එහි නව සභාපතිවරයා ලෙස ජොහාන් ජයරත්න මහතා පත්වීම් ලබා ඇතැයි එම අධිකාරිය පවසයි.

සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අතින් අද පෙරවරුවේදී මෙම පත්වීම ලබා දී ඇත.

කෙසේ වෙතත් කිෂු ගෝමස් මහතා පසුගිය පෙබරවාරි මාසයේ සිට කටයුතු කළ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ධුරයේ තවදුරටත් රැඳී සිටින බව සඳහන් වෙයි.

පාස්කු ඉරිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේදී සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මුහුණ දී ඇති නව අභියෝග වෙත මුහුණ දීම සඳහා මෙම නව පත් කිරීම සිදුකළ බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වසර තුළදී ගෝලීය වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාමය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු කිෂු ගෝමස් මහතා යටතේ පවතින ප්‍රවර්ධන කාර්යාංශය හරහාද, දේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ කටයුතු ජයරත්න මහතා යටතේ පවතින සංවර්ධන අධිකාරිය යටතේද සිදු කිරීම අරමුණ බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Read more

Local News