මේ අවස්ථාවේ කාඩ්‌බෝඩ් වීරයින් වෙන්න එපා

Share

දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් මේ අවස්ථාවේදී පාලනය කළ යුතු බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති. අද සවස පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

“ආරක්ෂක අංශවල මෙහෙයුම්වලට සහයෝගය අවශ්‍ය වේලාවක ඇතිව තිබෙන මෙම තත්ත්වය බරපතල වරදක්. දේශපාලඥයින් තමන්ගේ ගෝල බාලයන් මෙම අස්ථාවේ පාලනය කරගත යුතුයි.

ඉස්ලාමීය දේවස්ථාන වලට පහරදීම කඩ වලට පහරදීම තුළන් වීරයින් නොවී තමන්ව පාලනය කර ගන්න. මෙම අවස්ථාවේ කාඩ්‌බෝඩ් වීරයින් වෙන්නඑපා.

ඉස්ලාම් ආගමිකයන්ගෙන් ඉල්ලන්නේ කලබල නොවී ඉවසිලිමත් වෙන්න. රටේ පොදු සංස්කෘතියට ඒකතු වන්න.”

Read more

Local News