මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ළඟ තිබි ගිනිඅවියක් හා පතොරම් තොගයක් හමුවෙයි

Share

අද දින (14)  පාන්දර නිල්ලඹ හල්ඔය ප්‍රදේශයේදි කළ වැටලීමකදී  මුස්ලිම්  ව්‍යාපාරිකයෙකු  ළඟ සඟවා ගෙන සිටි බෝර දොලහේ ගිනිඅවියක්  සමඟ  ඒ සඳහා භාවිතා කරන පතරොම් දාහතක් හා රුසියාවේ නිෂ්පාදිත දුර දක්නයක් ගලහ පොලීසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගලහ පොලීසිය මගින් ගලහ දෙල්තොට ප්‍රදේශයේ  දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක  කරනු ලබන  අතර නිල්ලඹ ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමේදී මෙම උපකරණ සොයා ගෙන ඇත.

සැකකරු වැවිලි කේෂ්ත්‍රයේ ව්‍යාපාරික  කටයුතු වල නිරත වන්නෙකි.

ඔහුගේ නිදන කාමරයේ මෙම ගිනිඅවි සඟවාගෙන ඇත.

සැකකරු අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News