වයඹ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු යළි අරඹයි

Share

වයඹ පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද(15) දිනයේ යළි ආරම්භ කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසයි.

සියලු රාජ්‍ය ආයතනවල කටයුතු ද සුපුරුදු පරිදි අද සිට යළි ආරම්භ වෙයි.

පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් වයඹ පළාත සඳහා දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය යොදවා තිබුණි.

ඊයේ(14) පස්වරු 06.00 සිට වයඹ පළාත සදහා ඇදිරි නීතිය පැනවීමට පොලිසිය කටයුතු කළ අතර එය අද උදෑසන 06.00න් ඉවත් කෙරුණි.

එම නිසා වයඹ පළාත තුළ ජන ජිවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යන ලෙස ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඉල්ලීමක් කරයි.

Read more

Local News