අනුරාධපුර – පොලොන්නරුව මාර්ගයේ සේනාධිරියාගම ප්‍රදේශයේදී ඊයේ(14) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වෙයි.
අනුරාධපුර දෙස සිට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට රථය පාලනය කරගත නොහැතිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික පස් රථයක් හා ටිපර් රථයක ගැටී අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
අනතුරින් ලොරි රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතිළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ.
අදාළ අනතුරින් මියගොස් ඇත්තේ 55 හැවිරිදි ජයසිරි සෝම සෙනවිරතත්න නැමති පුද්ගලයෙක්.
අනතුර සම්බන්දයෙන් ලොරි රථයේ, ටිපර් රථයේ හා බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.