ආණ්ඩු දෙකම නොකළ දෙයක් ගැන අනුර කියයි

Share

අවි ආයුධ සැපයුම බලගතු රාජ්‍යයන්වල ප්‍රධාන ආර්ථික සාධකයක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කැඳවා තිබූ සම්මන්ත්‍රණයකට ඊයේ(14) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ලෝකයේ ප්‍රධානම ජාවාරම් වන්නේ අවි ආයුධ, බෙහෙත් සහ බීජ වන බවත් පැවසු දිසානායක මහතා, එහෙත් කිසිදු ත්‍රස්ථ කණ්ඩායමක් හෝ අපි වැනි රාජ්‍යයක් අවි ආයුධ නිෂ්පාදනය නොකරන බවත් පැවසීය.

2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ වන මොහොතේ දී 2009ට සාපේක්ෂව තාක්ෂණයෙන් ඉහළම අවි ආයුධ ඔවුන් සතු වු බව ද පැවසු අනුර කුමාර මහතා, ලෝකයේ අවි වෙළඳ පොලවල් දෙකක් ඇති බවත්, ඉන් එකක් නීතියානුකූල වන බවත් අනෙක් වෙළඳ පොළ නීති විරෝධී වන බවත් පැවසීය.

මෙය බලගතු රාජ්‍යයන්ගේ ප්‍රධානම ආර්ථික සාධකයක් බවත් කියා සිටියේය.

කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගත් බවත්, ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රධාන අවි සැපයුම්කරු බවත්, ආණ්ඩු දෙකම ඔහුව අධිකරණයට ගෙන ගියේ නොමැති බවත් පැවසීය.

නමුත් බුද්ධි අංශ තොරතුරු මත ඔහුව ලංකාවට රැගෙන ආ බවත් පැවසු දිසානායක මහතා, ආරක්ෂක රැකවල් යටතේ රාජ්‍ය නොවන සංවිධානයක් හදා ගෙන විශාල සමාජ වැඩක් කර ගෙන ජීවත් වන බව ද කියා සිටියේය.

ලංකාවේ ආණ්ඩු දෙකම කුමාරන් පද්මනාදන් අධිකරණය හමුවට ගෙන ඒමට සුදානම් නොමැති බවත්, එසේ වුවහොත් ජාත්‍යන්තර අවි වෙළඳ පොළේ හැසිරීම ගැන දැන ගත හැකි බවත් පැවසීය.

Read more

Local News