නිවෙස් තුළට වී ඉන්න – මෙක්සිකෝ වැසියන්ට දැනුම් දීමක්

Share

මෙක්සිකෝ සිටි නිවැසියන්ට නිවෙස් තුළට වී කාලය ගතකරන ලෙස මෙක්සිකෝ බලධාරීන් දන්වා තිබේ.

අගනුවරට බලපා ඇති අවදානම් සහගත වායු දූෂණය හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී අගනුවර හදිසි අවදානම් තත්ත්වයක් නම් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

ලොව ජනාකීර්ණම නගරයක් වන මෙක්සිකෝ සිටී අගනුවර දැඩි සේ වායු දූෂණයට ලක්ව තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ දිනවල අගනුවර සමීපයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් එහි වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර එය මිනිස් ශරීර සෞඛ්‍යයට දැඩි සේ අහිතකර වී ඇති බවට සඳහන් වෙයි.

පවතින තත්ත්වය සලකා බාහිර ක්‍රියාකාරකම්වලින් හැකිතරම් වලකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හැකිතරම් වේලාවක් නිවෙස් තුලට වී කාලය ගත කරන ලෙසත් ජනතාව දැනුම්වත් කර තිබේ.

ඊට අමතරව විශේෂයෙන් බිළිදුන් සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙසයි රජය වැඩිදුරටත් දන්වා ඇත.

90 දශකයේ ආරම්භයේ පටන් මෙක්සිකෝ සිටී අගනුවර වායු දූෂණය දැඩි සේ ඉහළ ගිය අතර පසුගිය කාලසීමාවේදී එය පාලනයට විවිධ පියවරගැනීමට බලධාරීණ් කටයුතු කළේය.

වායු දූෂණය අවම වාහන භාවිතය, වායු විමෝචනය පාලනය දිරිමත් කිරීම ඒ වෙනුවෙන් ගත් පියවර කිහිපයක්.

කෙසේ නමුත් අධික ජනතාවක් වාසය කිරීම හේතුවෙන් වායු දූෂණය පාලනය අපහසු වී ඇති බවයි මෙක්සිකෝ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News