කැනඩා රැකියා පෙන්වා මුදල් වංචා කළ කත දැලේ

Share

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම කාන්තාව විසින් කැනඩා රැකියා ලබාදෙන බව පවසා අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 32ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි එම රැකියා ලබානොදුන් බවට කාර්යාංශයට සිදුකළ පැමිණිලි මත මෙම විමර්ශන කටයුතු මෙහෙයවීම සිදුකළ අතර, ඒ අනුව බත්තරමුල්ල ප්‍රදේශයේදී ඇය පොලිස් නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

මෙම සැකකාරිය විසින් අම්පාර ප්‍රදේශයේ රේණුකා එන්ටර්ප්‍රයිසස් නමින් ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක්ද පවත්වාගෙන ගොස් ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවිය.

මේ වන විට කාර්යාංශය මගින් එම රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවීමටද කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය විසින් ලද තොරතුරු අනුව ඇයගේ මෙම රැකියා ජාවාරමට සහය දැක්වූ ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර කම්කරු විනිශ්චය සභා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Read more

Local News