විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී 21 කට පත්වීම් ලිපි

Share

පළමු ශ්‍රේණියේ හෙද නිලධාරී (අධ්‍යාපන) තනතුරේ සිට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී (අධ්‍යාපන) තනතුරට උසස් කිරීම සඳහා වූ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද(15) පෙරවරුවේ පැවැත්විණි.

විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී තනතුරේ පුරප්පාඩු 21 කට මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, තවත් පුරප්පාඩු 24ක් සඳහා ඉදිරියේ දී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

මේ වන විට දිවයින පුරා පිහිටි ‌හෙද විද්‍යාල 18 ක විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 127 ක් සේවයේ යෙදී සිටී.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) 02 ඩොනල්ඩ් මුරගේ මහතා ඇතුලු හෙද අධ්‍යක්ෂවරුන්, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

Read more

Local News