අමිත් වීරසිංහ රිමාන්ඩ්

Share

ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මහසොන් බලකාය ප්‍රධානියා අමිත් වීරසිංහ ලබන 28 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ටාශයේ මගින් අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ අද(15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට පමුණුවනු ලැබීය.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුව ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයෙන් අන්තර් ජාලයට අදහස් මුදා හැර ඇති බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුව රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරුගේ නීතිඥවරයා විසින් ඔහු ඇප මත මුදා හරින මෙන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කලත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

Read more

Local News