ශ්‍රී ලංකා – ඉන්දීය පළමු ටෙස්ට් තරගය ජයපරාජයෙන් නිම වේ

Share

ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය අවසාන දින තියුණු මුහුණුවරක් උසුලමින් නිමාවට පත් වූයේ ජය පරාජයෙන් තොරවය. කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ අවසාන දින ශ්‍රි ලංකාවට ඕවර 40ක් තුළ ලකුණු 231ක ඉලක්කයක් ලැබුණු අතර තරගය නිමවන විට ශ්‍රී ලංකාව කඩුලු හතක් දැවී ලබා සිටියේ ලකුණු 75කි. (ඕවර 26.3යි)

ශ්‍රී ලංකාව මේ තරගයේ බොහෝ අවස්ථාවන් හි ඉදිරියෙන් සිටි අතර, ඉන්දියාවට තරගයට අවතීරණ වීමට හැකිවූයේ සිව්වන හා පස්වන දිනයන් හි සවස් කාලයේදී ය.

ඉන්දීය පිල ලබාදුන් ලකුණු 231ක ඉලක්කය හඹා යද්දී කඩුලු 7ක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටීම නිසා පරාජය පෙනි පෙනී සිටි ශ්‍රී ලංකා පිල අයහපත් කාලගුණයේ පිහිටෙන් කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව බේරාගැනීමට ඊයේ සමත්විය.

කණ්ඩායම් දෙක අතර දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය නොවැම්බර් 24 – 28 නාග්පූර් හි දී පැවැත්වේ.

Read more

Local News