බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

Share

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (16) දිනයේ කතානායක කරූ ජයසූරිය මහතාට භාරදීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කලේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 60කට ආසන්න පිරිසක් මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බවයි.

අදාල යේජනාව කඩිනමින් විවාදයට ගැනිම සඳහා දින නියම කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද  ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

Read more

Local News