කොබෙයිගනේ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

කොබෙයිගනේ විතිකුලිය හන්දිය අසලදී ඊයේ(15) දින සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොබෙයිගනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News