ද ෆිනෑස් ආයතනයේ නියාමන ක්‍රියාමාර්ග දීගු කරයි

Share

ද ෆිනෑස් ආයතනය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග මාස තුනක කාලයක් සඳහා නැවත දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ද ෆිනෑස් කම්පැනි පී.එල්.සී ආයතනයේ තැම්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමිකරුවන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා පසුගිය පෙබරවාරි 15 වන දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් බලාත්මක කළේය.

ඒ යටතේ නව තැන්පතු බාරගැනීම සහ තැන්පතු ආපසු ගැනීම අත්හිටවූ අතර ණය හා අත්තිකාරම් ප්‍රදානය ද අත්හිටුවනු ලැබුවේය.

ද ෆිනෑස් ආයතනය විසින් යොමු කරනු ලැබ ඇති ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පිළිබඳව සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අදාල නියාමන ක්‍රියාමාර්ග මැයි මස 15 වන දින සිට නැවත මාස තුනක කාලයක් සදහා දීර්ඝ කර ඇත.

කෙසේවෙතත් තැන්පත්කරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහා බැංකුවේ විධානයන්ට අනුකූලව අඛණ්ඩව සිදු කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කළේය.

Read more

Local News