ඇතැමුන් දේශපාලන වාසි ලබාගන්න උත්සහ කරනවා

Share

අන්තවාදී ක්‍රියා හේතුවෙන් රට තුළ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය මධ්‍යයේ ඇතැමුන් දේශපාලන වාසි ලබා ගැනීමට තැත්කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ සිද්ධිය කිසිවෙකු බලාපොරොත්තු නොවූ දෙයක් බවත් එම සිද්ධියේ වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විදේශ රටක මෙවන් තත්ත්වයක් හෝ මීට වඩා දරුණු තත්ත්වයක් ඇතිවුවහොත් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය භේදයකින් තොරව ගැටළුව නිරාකරණය වන තෙක් එකට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News