වත්තල ගින්නකින් නිවාස 4කට දැඩි අලාභ – එළුවන් 30ක් මරුට

Share

වත්තල, මාබෝල දූවවත්ත ප්‍රදේශයේ ඊයේ(15) රාත්‍රී හටගත් ගින්නකින් නිවාස 4කට දැඩි අලාභහානි සිදුව තිබෙන බවට වාර්තා වෙයි.

ගින්න නිවාස කිහිපයකටම පැතිර ගොස් තිබූ අතර කොළඹ ගිනි නිවීම ඒකකය, නාවුක හමුදා ගිනි නිවීමේ ඒකකය සහ ගම්වාසීන් විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය.

ගින්නෙන් කිසිවිටකුටත් හානි සිදුව නොතිබූ අතර නිවසක් අසල ගාල්කර සිටි එළුවන් 30කට අධික පිරිසක් මියගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැක කරයි.

Read more

Local News