යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ඇප

Share

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් ඇප මත අද(16) නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

ආරක්ෂක අංශ පැවසූවේ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපති, ලේකම් හා විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුවා ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙත එලෙස ඇප ලබාදි ඇති බවයි.

පසුගියදා යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයින් දෙදෙනෙකුගේ ජායාරූප ළඟ තබාගැනීමේ වරදට අදාළ සිසුන් අත්අඩංගුවට ගනු ලැබූහ.

එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත හා සෑම ඉරු දිනකම යාපනය කෝපායි ‍පොලීසියේ පෙනී සිටින ලෙස නියෝග ලබාදීම මත ඇප ලබාදී ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.

අදාළ සිසුන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන්, විශ්ව විද්‍යාල සේවක සංගම් හා යාපනය දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊයේ(15) විරෝධතාවයද නිරතවිණ.

Read more

Local News