හමුදාවට හා පොලීසියට ජාතික සමගිය ඇති කරන්න පුළුවන්ද ?

Share

මේ රටේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට රට තුළ ජාතික සමගිය ඇති කළ නොහැකි බවත් ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේ සිටියේ අන්තවාදය පැරදවිමට ජාතික සමගිය ගොඩනැගිමට, මහජන ආරක්ෂාව තහවුරු කිරිමට, අපගේ කාර්යය භාරය යන මැයෙන් ඊයේ (15දා)  පස්වරුවේ හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමිණි.

ජාතික සමගිය ඇති කල හැක්කේ දේශපාලන අධිකාරියට බවත්, පටු දේශපාලන වාසි නොතකා  දේශපාලඥයන් රටේ ඇති වි තිබෙන ගැටළුවට විසදුම් ලබාදෙන්නේ නම් රට තුළ ජාතික සමගිය ඇති කර රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News