Huawai ඇමෙරිකාව තුළ අවහිර කරලද ?

Share

විදෙස් විදුලි සංදේශ සමාගම්වලින් ඇමෙරිකානු පරිගණක පද්ධති ආරක්ෂා කරගැනීම සඳහා ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ඇමෙරිකානු සමාගම් විසින් විදේශීය විදුලි සංදේශ සමාගම් භාවිත කිරීමට වළක්වාලමින් ඔහු විධායක නියෝගයකට අත්සන් කර ඇත.

මෙම නියෝගයෙන් කිසියම් නිශ්චිත සමාගමක් හෝ සමාගම් නාම සඳහන් කර නොතිබුණත්, එය හුවාවේ සමාගම ඉලක්ක කරමින් සිදුකරන ලද්දක් බව විශේෂඥ මතයයි.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් ඇමෙරිකාව තුළ හුවාවේ සමාගමේ ක්‍රියාකරකම්වලට වැට බැඳීමෙන් වඩාත්ම රිදෙන්නේ ඇමෙරිකානු පාරිභෝගිකයන්ට සහ සමාගම්වලට බව හුවාවේ සමාගම පසයි.

ඇමෙරිකාව අනුව යමින් ඇමෙරිකානු ගැති තවත් රටවල් කිහිපයක්ම හුවාවේ නිෂ්පාදන සම්බන්ධයෙන් යම් අවධානයක් යොමුකර ඇති අතර, ඔවුන් චෝදනා කරන්නේ එම සමාගම චීනය වෙනුවෙන් ඔත්තු බලන බවයි.

Read more

Local News