අමෙරිකා වීසා සහන වැඩසටහනට ලංකාව ඇතුළු වෙලාද ?

Share

ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට රජය විසින් ඉඩ ලබා දීම නිසාවෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු විසා සහන වැඩසටහනට ඇතුළු කර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවත් ඇතුළු විසා සහන වැඩසටහනට ඇතුළත් කළ බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

මෙම විසා සහන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකිකයෙකුට දින 180ක විසා සහනයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩදුරටත් පැවසීය.

Read more

Local News