මුස්ලිම් ජනතාව ස්වයං විවේචනයක් කරන්න සූදානම්

Share

රටේ මතුව තිබෙන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින්,ප්‍රජාවක් ලෙස ස්වයං විවේචනයක් කිරීමට මුස්ලිම් ජනතාව සූදානම් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අද(16) කොළඹ පදනම් ආයතනයේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයින් විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් එතුමා මෙම අදහස් පළ කළේය.

පසුගිය කාලයේ ආරබිකරණය කියලා වචනයක් භාවිතා කළ බවත් දහම් පාසල් වැනි දේ කිසිදු පාලනයක් නොමැති බවද පැවසු බවද සඳහන් කළ හෂීම් මහතා මුතුන්මිත්තන් ගත් කළ ඇත්තේ සිංහල නම් බව ද කියා සිටියේය.

තමා ප්‍රධාන මුස්ලිම්වරයෙක් බවත් පැවසු කබීර් හෂීම් මහතා, සුළුතරය බලා සියලු දෙනා මැනින්න එපා යනුවෙන් ද පැවසීය.

අද වන විට  ස්වයං විවේචනයක් කළ යුතු බවත් පැවසු එතුමා අපි අතර තිබු විශ්වාසය බිඳ වැටීමට යම් වැරැද්දක් තම සමාජය තුළින් ද සිදුව ඇති බව පැවසීය.

එය වෙනස් කළ යුතු කාලය එළඹ ඇති බවත්, අපේ යුතුකමක් ලෙස ලාංකීකයන් ලෙස එකට සිට මේ ගැන කථා කරන බවත් ඒ වගකීම හිතට එකතු වී වැඩ කිරීමට සුදානම් බවත් හෂීම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News