ශ්‍රීලනීපය බදියුදීන්ගේ විශ්වාසය කඩ කරයිද ?

Share

ආමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අද(16) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව ගෙන එන ඒකාද්ධ විපක්ෂය තුළද මත දෙකක් පවතින බවට පෙනී යන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

විශ්වාසභංග ගෙන එන පාර්ශව තුළ එලෙස මත දෙකක් පවතින විට වගකිවයතු පක්ෂයක් ලෙස ගත යතු ක්‍රියාමර්ග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සකච්ඡා කර තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News