තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

ලිඳුල, ෆාමස්ටන් තේ වතුයායේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.

අද(16) සවස එල්ල වූ හදිසි බඹර ප්‍රහාරය හේතුවෙන් කාන්තාවන් 05 දෙනෙක් තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

තේ දළු නෙළමින් සිටියදී තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවෝ පවසා සිටියි.

තලවාකැලේ පොලීසියේ ස්ථානගත කර ඇති හදිසි ගිලන් රථ සේවය මඟින් මෙම තුවාලකරුවන් රෝහල් ගත කර ඇත.

Read more

Local News