ජනපති පොදු සමාවෙන් සිරකරුවන් 762ක් නිදහස්

Share

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.

මෙම උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10ට සිදු කිරීමට නියමිතව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සඳහා ජනාධිපති පොදු සමාව ලබා දීමට නියමිත අතර, සියලුම සිරකරුවන් සඳහා නිදහස ලබාදීම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී පමණක් සිදු කිරීම මෙවර විශේෂත්වය වී ඇත.

සිරකරුවන් 736 දෙනෙකු සහ සිරකාරිනියන් 26 දෙනෙකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතය.

ඒ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117ක්, පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවන් 62ක්, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50ක්, පල්ලන්සේන සිර කඳවුරෙන් සිරකරුවන් 53 දෙනකු වශයෙන් බන්ධනාගාර තිහක සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු යොදා ඇත.

ස්ත්‍රි දූෂණ, බාල අපරාධ හා මත් ද්‍රව්‍ය වැනි වැරදි සඳහා දඩුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් මෙසේ නිදහස් කිරීමට නියමිතව තිබේ.

බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කිරීම මෙවර විශේෂත්වයකි.

Read more

Local News