මහජනයා කැලඹෙන ප්‍රකාශ නිකුත් කරන්න එපා

Share

රට තුළ පවතින වාතාවරණය යටතේ පොදු ජනතාවගේ අවධානය යොමු විය යුතු නීති, රෙගුලාසි හා ඊට අදාළ වගන්ති පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරයි.

මහජනයා බියවැද්දීමට හෝ මහජනයා කැලඹීමට පත්කළ හැකි කිසියම් කටකථාවක් හෝ අසත්‍ය ප්‍රචාරයක් සන්නිවේදනය කරන පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මහජනයාගේ දැනුවත්භාවය සඳහා ඒ පිළිබඳව පවතින නීති රෙගුලාසි සහ වගන්ති පිළිබඳව මහජනයාගේ අවධානය යොමු කරන බවයි.

ඒ අනුව මහජනයා බිය වැද්දිය හැකි හෝ මහජනයා කැලඹිය හැකි කිසියම් කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් ප්‍රචාරය කිරීම, යුද්ධ පැතිර වීම හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය සඳහා පෙළඹවීම, වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් ඇති වීමට සැලැස්වීම යන කරුණු සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

2019 අංක 01 දරන හදිසි අවස්ථා විවිධ විධිවිධාන හා බලතල නියෝග යටතේ වන රෙගුලාසි, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසක්ම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 3 (1) වගන්තිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලිකව විධිවිධාන පනත යටතේ අදාළ චෝදනාවලට වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව රජය නිවේදනය කරයි.

Read more

Local News