ඡන්දය අවශ්‍ය වෙලාවට භාවිත කරනවා

Share

චෝදනාලත් පුද්ගලයෙකුට සහායදීමට තමන්ට හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තුව තුළ තමන්ගේ ඡන්දය අවශ්‍ය වෙලාවට අවශ්‍ය පරිදි භාවිත කරන බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පක්ෂවල නිතී රීති තිබුණද පාර්ලිමේන්තුව තුළ ඡන්දය පැවති අවස්ථාවලදී තමගේ සීමවේ සිට විරුද්ධත්වය ප්‍රකාශ කල අවස්තා තිබූ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ වැරදි ඇති පුද්ගලයෙකුට තමාට සහය දැක්වීමට නොහැකි බවයි.

Read more

Local News