බය වෙන්න කිසිම දෙයක් නෑ

Share

මෙවර වෙසක් උත්සවයේදි වෙළඳ ක්‍රියාකාරකම් වලින් තොරව බුදුන් වහන්සේගේ ධර්මය කෙරෙහි අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (18) පස්වරුවේ පැවති වැඩ සටහනකට එක් වෙමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කළේය.

මරදාන ඩීන්ස්පාර බත්දන්සල විවෘත කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ පස්වරුවේ සිදු කෙරුණි.

එහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මහනායක සංඝයාවහන්සේලාගේ උපදෙස් පරිදි මෙවර වෙසක් උත්සවය පෙර දිනයන්ටත් වඩා උත්කර්ෂවත් අන්දමින් ජනතාව සමරණ බවයි.

මෙවර සෑම ප්‍රදේශයකම වැඩි වශයෙන් වෙසක් සැරසිලි කර ඇති බවත් ඒ සඳහා ජනතාව උනන්දු කළ සංඝයා වහන්සේලාට ස්තුතිවන්ත විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේය.

එමෙන්ම මෙතැන් පටන් බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත් සියළු වැඩකටයුතු ආරම්භ කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.

Read more

Local News