නියත වශයෙන්ම මම තරඟ කරනවා

Share

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනපතිවරණය සඳහා තමන් නියත වශයෙන්ම තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අල්ජසීරා පුවත් සේවයත් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “නියත වශයෙන්ම තරග කරනවා. මම තීරණය කළේ ගොඩක් කාලයකට කලින්. එහෙම නැත්නම් මට ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ගන්න හේතුවක් නෑ” යැයි ඔහු සඳහන් කර තිබේ.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙ තමන් වාසියක් ලබා ගැනිමට සූදානම් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

“මම ඒක අවස්ථාවක් ලෙසින් ගන්නේ නෑ. ඒක මැතිවරණයක් නෙමෙයි ඒක අපේ රට අපේ ජාතිය. මම ඒ ගැන කලකිරිමට පත්වෙනවා. ”  යැයි ඔහු සඳහන් කරයි.

Read more

Local News