ඩයිනමයිට් යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

Share

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ(19) දින ත්‍රිකුණාමලය, එරක්කන්ඩි ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී  ඩයිනමයිට් යොදා ගනිමින් ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 33 ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම මසුන් තොගය අලෙවි කිරීම සඳහා සුදානම්කර එම පුද්ගලයාගේ නිවසේ  තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 22 ක් වන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය මඟින්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මෙවැනි පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මත්ස්‍ය අභිජනන පරිසර පද්ධතිය, ඉතා කුඩා මත්ස්‍යන්, ජලජ ජීවීන් හා ජලජ පැලෑටි ද විනාශ වන බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටියි.

Read more

Local News