අනිල් කපූර් සම්මානයකින් පිදුම් ලබයි

Share

කලා ක්ෂේත්‍රය තුළ ලබා ඇති ජයග්‍රහණ සහ සමාජ මෙහෙවර වෙනුවෙන් අනිල් කපූර් ඇගයීමට ලක් කර ඇත.

ඒ යුරෝපා දිනය සැමරීම වෙනුවෙන් මුම්බායි නගරයේ සංවිධානය කර තිබුණු උත්සවයක් අතරතුරදීයි.

එහිදී අනිල් කපූර්ගේ සේවය ඇගයීම වෙනුවෙන් ඔහු වෙත සම්මානයක්ද ප්‍රදානය කළේය.

ඔහුට එය පිරිනැමුවේ ඉන්දියාවේ යුරෝපා සංගම් තානාපති තෝමස් කොස්ලොව්ස්කි විසින්.

තමාට මෙම සම්මානය හිමිවීම ඉතාමත් ගෞරවයක් බව අනිල් කපූර් මෙහිදී කියා සිටියේය.

ළමා සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් ලෙසත් සුපිරි නළු අනිල් කපූර් ප්‍රකටයි.

මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවන ඔහු 2009 වර්ෂයේදී ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 8 ක් දිනාගත් ස්ලම්ඩෝග් මිලියනයර් චිත්‍රපටයේ රංගනයට දායක වෙමින් ලෝකප්‍රකට විය.

එමෙන්ම ඔහු සිය සිනමා දිවිය තුළ සිනමාපට 100කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ.

Read more

Local News