පාසල් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Share

වෙසක් සතියෙන් පසු දෙවන වාරය සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම ගුරුවරුන් දෙමව්පියන් සහ ආදී ශිෂ්‍යයින්ගේ සහභාගීත්වයෙන් එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

පාසල් සෝදිසි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක කමිටු මඟින් වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බැවින් බියෙන් සැකයෙන් තොරව දරුවන් අද සිට පාසල් වෙත යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ(20) දිනයේ ප්‍රකාශ කළේ පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස ඉල්ලා සිටින බවයි.

Read more

Local News