මධුෂ්ගෙන් ප්‍රශ්න කරන්න තවත් නිලධාරීන් කණ්ඩායමක්

Share

ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම් කර තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු විසින් මෙරට සිදු කළ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු වන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ය.

මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට පැමිණි අවස්ථාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනිණි.

Read more

Local News