ජනතා ගැටුම් නිර්මාණයට හේතුව මෙන්න

Share

බලය පිළිබඳ පටු අරමුණු ඉටු කරගැනීමේ වුවමනාවෙන් ඇතැම් පිරිස් රට තුළ ජනතා ගැටුම් නිර්මාණය කළ බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට තිස්මහරාම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

හම්බන්තොට තිස්සමහාරාම කච්චේරියගම වෙහෙරගොඩැල්ල ඉපැරණි චෛත්‍යයේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ඊයේ(21) නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණි.

සමහරෙක් ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා මත බලයට ඇති කෑදරකම හේතුවෙන් සමහර තීන්දු ලබා දෙන බවත්, එහෙම කර ජනප්‍රිය වීමට උත්සහ දරණ බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේය.

Read more

Local News