බිල් ලාඩන්ගේ දේශනා ඇතුළු පොතක් සමග අයෙක් අල්ලයි

Share

කල්මුණ, මරදමුණ ප්‍රදේශයේදී අන්තවාදී ක්‍රියා සඳහා සහාය දක්වන බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

ඊයේ (21දා) රාත්‍රී 8.45ට පමණ කල්මණ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු සන්තකයේ තිබි ඔසාමා බිල් ලාඩන්ගේ රුව ඇතුළත් හා ඔහුගේ දේශන ඇතුළත් පොතක්, සැකකටයුතු DVD තැටියක් MI වර්ගයේ සිම් පත් දෙකක් සහිත ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News