වසා දැමූ අයිෆල් අයිෆල් කුළුණ යළි විවෘතයි

Share

ප්‍රංශයේ සප්‍රකට අයිෆල් කුළුණ වසා දැමීමට පැරිස් නුවර බලධාරීන් කටයුතු කර තිබුණි.

ඒ වෙත ගොඩවීමට පුද්ගලයෙකු උත්සාහ කිරීම හේතුවෙන් එය වසා දැමීමට සිදුවූ බව එරට බලධාරීන් සදහන් කරන්නේය.

පැරිස් නුවර ඓතිහාසික අයිෆල් කුළුණ වෙත නැගීමට පුද්ගලයෙක් උත්සාහ කිරීම හේතුවෙන් එහි සිටි ජනතාව ඉන් ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව කුළුණ වසා දැමූ බලධාරීන් අසළ මං මාවත්වල පිරිස් ද ඉන් ඉවත්කර පළාත ජනශූන්‍ය කිරීමටත් කටයුතු කළ බව වාර්තා වන්නේය.

සාමාන්‍ය ආකාරයට කුළුණ වෙත ඇතුළු වූ මෙම තැනැත්තා එහි දෙවැනි මාලයට ගමන් කිරීමෙන් අනතුරුව කුළුණේ ලෝහමය රාමුවේ එල්ලී එහි මුදුන වෙත ගමන්කිරීමට උත්සාහ දරා තිබුණි.

කෙසේ වෙතත් ඔහු නැවැත්වීමට පැරිස් නුවර පොලිසිය සහ කුළුණේ මෙහෙයුම් නිලධාරීන් සමත්වූ අතර ඒ සදහා පැරිස් ගිනිනිවන අංශයේ සහායද හිමිවූබවට සදහන්.

දැඩි උත්සාහයකින් අනතුරුව අදාළ තැනැත්තා අත්අඩංගුවට ගත් අතර තවමත් ඔහු හදුනාගෙන නැහැ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු කුළුණේ අඩි 1 000ක් තරම් උසට නැග සිටි බවටද වාර්තා වූ අතර ඒ සදහා ඔහුට පැය 6කට ආසන්න කාලයක්ද ගතවී තිබූ බව විදෙස් වාර්තා සදහන් කර තිබුණේය.

සිදුවීමෙන් පසු වසා දැමූ අයිෆල් කුලුණ පසුව ජනතාව වෙනුවෙන් විවෘත කෙරුණි.

Read more

Local News