ඩේවිඩ් ධාවන් පැරණි චිත්‍රපට අලුත් කරයිද ?

Share

බොලිවුඩයේ සාර්ථක චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන ඩේවිඩ් ධාවන් සිය පැරණි චිත්‍රපට කිහිපයක්ම අලුතින් නිර්මාණය කරන්නට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.
ඔහු විසින්ම 1997 වසරේදී නිර්මාණය කළ ‘ජුබ්වා’ චිත්‍රපටය පසුගිය වසරේදී නව නිර්මාණයක් ලෙස එළිදැක්වූ අතර, එය ඉන්දීය රුපියල් කෝටි 200 කට අධික ප්‍රමාණයක් උපයාගැනීමට ද සමත් විය.
මේ නිසාම ඔහු විසින් 1995 වසරේ නිර්මාණය කළ ‘කුලී නම්බර් වන්’, 1999 වසරේ නිර්මාණය කළ ‘බීවි නම්බර් වන්’ හා 2005 වසරේ නිර්මාණය කළ ‘ෂාදි නම්බර් වන්’ චිත්‍රපට යළිත් නව නිර්මාණ ලෙස ඉදිරියේදි එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් වේ.
මෙම සෑම චිත්‍රපටයක ප්‍රධාන නළුවා ලෙස ඩේව්ඩ් ධාවන්ගේ පුත් වරූන් ධාවන් පෙනී සිටීම විශේෂත්වයකි.

Table of contents

Read more

Local News