චීන වෙළඳ යුද්ධය නවතන්නැයි ප්‍රමුඛ සමාගම් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

Share

චීනය සමග වෙළෙඳ යුද්ධය වහාම නතර කරන්නැයි ලොව ප්‍රමුඛතම සමාගම් රැසක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ, අමෙරිකාව Huawei සමාගමට පැන වූ සම්බාධක හේතුවෙනි.

විදෙස් වාර්තා සඳහන් කළේ, සමාගම් 170ක් ජනපති ට්‍රප්ම් වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇති අතර ලොව පාවහන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැත්තම සමාගම් ද ඒ අතර වන බව ය.

තීරු බදු ඉහළ නැංවීම මගින් ඇතැම් ව්‍යාපාරවල අනාගතයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බව අදාළ සමාගම් පෙන්වා දී තිබේ.

මේ අතර අමෙරිකාව සිය සමාගම්වල ගෝලීය අභිලාෂ අවහිර කිරීමට උත්සහ කරමින් සමාගම් අවතක්සේරු කර ඇති බව Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි චෝදනා කරයි.

අමෙරිකානු දේශපාලනඥයින්ගේ වත්මන් හැසීරීම තුළින් Huawei ආයතනයේ ශක්තිය අවතක්සේරු කර ඇති බව ඔහු චීන රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පවසා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය තුළ Huawei සමාගමේ ව්‍යාපාරික කටයුතු නැවැත්වීමටත් Huawei සමාගමට තහනමක් පැනවීමටත් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගත්තේ ය.

එහි අතුරු ප්‍රතිඵලයක් වූයේ Huawei ස්මාර්ට් ජංගම දුරකතනවලට ඇන්ඩ්‍රොයිඩ් ඇතුළු ගූගල් සේවා සහ පහසුකම් සැපයීම නවතා දැමීම ය.

පස්වැනි පරම්පරාවේ තාක්ෂණය හෙවත් 5 ජී හඳුන්වා දීමෙන් පසු Huawei සමාගම අනෙතුක් සමාගම්වලට දැඩි තරගයක් ලබා දෙමින් ඉදිරියට පැමිණීම මෙලෙස තහංචි පැනවීමට මූලික වී ඇති බව ඇතැම් පාර්ශව පවසයි.

Read more

Local News