හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කෙරේ

Share

හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර ඇත.

ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අද (22) දිනයේ නිකුත් කෙරුණි.

රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනය දක්වා හදිසි අවස්ථා තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවේය.

ඒ අනුව අද දිනයේ සිට යළිත් වරක් ඉදිරි මාසයක කාලයක් සඳහා එය ප්‍රකාශයට පත් කර ඇත.

Read more

Local News