ඉන්දුනිසියාවේ සාමාජ ජාලා වෙබ් අඩවි අවහිර කරයි

Share

ඉන්දුනිසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන විරෝධතා හමුවේ එරට සාමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

WhatsApp හා Facebook වෙබ් අඩවි එලෙස අවහිර කර ඇත්තේ, එම වෙබ අඩවි හරහා අසත්‍ය පුවත් පළවීම හේතුවෙනි.

මීට අමතරව Instagram වෙබ් අඩවියට පිවිසීමට ද අපහසුතා මතුව ඇතැයි වාර්තා වේ.

හිටපු ජනපති ජොකෝ විඩොඩෝ යළි බලයට පත්වීමට එරෙහිව පැවැත්වෙන මෙම විරෝධතා උත්සන්න වීම හමුවේ පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබේ.

විරෝධතා අතරතුර පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 200 කට අධිකයි.

Read more

Local News