අන්තවාදී අදහස් පාලනයට ෆේස්බුක් සැලසුමක්

Share

ත්‍රස්තවාදී සංවිධාන මගින් නිකුත් කරන ප්‍රකාශන සහ අන්තර්ජාලයේ මහා පරිමාණයෙන් හුවමාරු වෙමින් පවතින අන්තවාදී අදහස් පාලනය කිරීමේ සැලැස්මක් ෆේස්බුක් වෙබ් අඩවිය මගින් ක්‍රියාවට නංවමින් සිටියි.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරය ෆේස්බුක් සජීව විකාශයක් ලෙස ප්‍රචාරය වීමත් සමග මෙම දැඩි තීරණයට පැමිණීමට සිදුව තිබේ.

ඒ අනුව, ෆේස්බුක් අඩවිය පෙන්වා දෙන්නේ ඔවුන් විසින් දැනට බලපත්වන රෙගුලාසි නොතකා කටයුතු කරන්නනට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.

විශේෂයෙන්ම, එසේ ක්‍රියාකරන පුද්ගලයන්ගේ හෝ සංවිධානවල ගිණුම් තාවකාලිකව හෝ ස්ථිර ලෙසම අත්හිටුවීමටද ඔවුන් කටයුතු කරමින් සිටියි.

මෙය වඩාත් කාලෝචිත පියවරක් බව ෆේස්බුක් අඩවියේ මෙම තීරණය සම්බන්ධයෙන් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් පවසා සිටියි.

විශේෂයෙන්ම, ෆේස්බුක් ඇතුළු සමාජජාල ඔස්සේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදයට හා අන්තවාදයට උඩගෙඩිදෙන අදහස් පාලනය සඳහා නවසීලන්ත අගමැතිනිය සහ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් එක්ව පැරිස් සමුළුවක් පවත්වන ලදී.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලන බලවතුන් අදාළ සමාජජාල බලධාරීන් මුණගැසී මෙම තත්ත්වය පාලනය කිරීමට තවදුරටත් කටයුතු කිරීමට මෙම පැරිස් සම්මුතියේදී තිරණයකට එලැඹිණි.

Read more

Local News