වංචාවක් ගැන සාක්ෂි දෙන්න පාඨලීට සිතාසි

Share

විදුලි බල මණ්ඩලය විසින් විදුලි ධාරිතා මිලදී ගැනිමේ දී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

ලබන මස 07 වන දින අදාල කොමිසන් සහභාව ඉදිරියේ පෙනී සිටින ලෙස පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට දැනුමදී ඇති බව වාර්තා වෙයි.

විදුලි බලමණ්ඩලය විසින් විදුලි ධාරිතා මිළදී ගැනිමේදී සිදුවූ වංචා දුෂණ සම්බන්ධ පැමිණිලි විභාගය ඊයේ දිනයේදී සිදු කෙරුණු අතර එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සාක්ෂි ලබාදී ඇත.

එහි සාක්ෂි දුන් විදුලිබල සේවක සංගමයේ සභාපති මහේෂ් මාලක වික්‍රමසිංහ මහතා කියා සිටියේ වසර පුරාවටම ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවලට වැඩියෙන්ම විදුලි ධාරිතා මිලදී ගැනීමට අවශ්‍ය වුවත් වසර පුරාවටම මිලදී ගැනීම් සඳහා ගිවිසුම් අත්සන් තබා මුදල් ගෙවීම් කරන අතර වියළි කාළගුණය පවතින මාස 3ක පමණක් විදුලි ධාරිතා ගැනීම සිදුවන අතර අනික් මාසවලද ඒ සඳහා ගෙවීම් කරන බව ප්‍රකාශ කරයි.

තවද හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරමින් විදුලි මිලදී ගැනීම් කාල දීර්ඝ කර ඒවායින් විශාල පාඩුවක් සිදුකර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යංශ ලේකම්වරයාද මීට සම්බන්ධ වී ඇතැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

වැඩිදුර විභාගය 2019-06-07 වන දිනට පවත්වන අතර එදිනට මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිට සාක්ෂි දීම සඳහා පැමිණීමට සිතාසි නිකුත් කර ඇත.

අද(23) දින ටැබ් පරිඝනක ලබා දීමේ දි සිදුවු දූෂණ වංචා සම්බන්ධව පැමිණිල්ල තවදුරටත් විභාගයට ගැනීමට නියමිතයි.

විදුලිබල ක්‍ෂෙත‍්‍රයේ ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමති චම්පික රණවක මැතිතුමා විසින් කැබිනට් පත‍්‍රිකාවක් මඟින් ජනාධිපති කොමිසමක් පත්කළ යුතු යැයි ජනාධිපතිවරයාට යෝජනා කරන ලදුව, ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇත.

ඒ අනුව, එහි පැමිණිලිකරු වන්නේ ඇමති පාඨලී චම්පික රණවක මහතාය.

මින් පෙරද මෙම පැමිණිල්ල හා සම්බන්ධව එම කොමිසමට අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශයක් ද ලබා දී ඇත.

Read more

Local News