පෘථිවි නිරීක්ෂණයට ඉන්දීයාවෙන් චන්ද්‍රිකාවක් උඩුගුවනට

Share

ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස අභ්‍යවකාශගතකර තිබේ.

එම චන්ද්‍රිකාව නම්කර තිබෙන්නේ ආර් අයි එස් ඒ ටී – ටූ බී යනුවෙන්.

කිලෝග්‍රෑම් හයසිය පහළොවක් බරැති චන්ද්‍රිකාව අභ්‍යවකාශගතකෙරුණේ ආන්ද්‍රා ප්‍රාන්තයට අයත් ශ්‍රී හරිකෝටා දිවයිනේදීයි.

C 46 පී එස් එල් වී රොකට්ටුව මගින් එම චන්ද්‍රිකාව අභ්‍යවකාශගතකර තිබේ.

චන්ද්‍රිකාව පෘථිවියේ පහළ කක්ෂයේ කිලෝමීටර් පන්සිය පනස් පහක දුරකින් අංශක තිස් හතක ආනතියක් යුක්තව ස්ථානගත කෙරෙනු ඇති.

කෘෂිකාර්මික කටයුතු, වනාන්තර සහ ආපදා කළමනාකරණයට අදාළ දත්ත ලබාගැනීම මෙම චන්ද්‍රිකාව මඟින් අපේක්ෂා කෙරෙයි.

මෙම මෙහෙයුම සාර්ථක වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා විසින් තහවුරු කර ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම ඔවුන්ගේ දෙවන මෙහෙයුම චන්ද්‍රයා වෙත සිදු කිරීමට නියමිත අතර එය ලබන ජූලි මාසයේදී අභ්‍යවකාශගත කිරීමට නියමිත බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News