හැටන් – මහනුවර සියලු බස් රථ සේවකයින් වර්ජනයක

Share

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියලු පෞද්ගලික සහ ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළට ඇතුළු කිරීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමිනි.

එම බස් රථ නතර කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසළ මගී ආවරණයක් නොමැති ස්ථානයක් වෙන් කර ඇති බව වර්ජනයේ නිරත බස් සේවකයෝ පවසති.

Read more

Local News