බෝගහපතන රක්ෂිතයේ ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුදුපානවල ග්‍රාම නිලධාරී වසමේ බෝගහපතන මිරිස්ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ(23) දහවල් කාලයේ සිට විශාල ගින්නක් හටගෙන ඇත.

මෙම ගින්න ඊයේ දහවල් කාලයේ සහ රාත්‍රී කාලයේ කදු රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 50කට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට වාර්තා වෙයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ කළද ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න මැඩපැවැත්වීමට නොහැකි වී තිබේ.

මෙම රක්ෂිතය වසර සිය දහස් ගනනක් පැරණි ශාක සහ ඖෂධීය වටිනාකමකින් යුතු පැලෑටි සහ ගස් වර්ග රැසකින්ම සමන්විත වනාත්තර පද්ධතියක් බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර ඇත.

ගින්න අද(24) උදෑසන කාලය වන විටත් රක්ෂිතයේ තැනින් තැන ව්‍යාප්ත වෙමින් තිබිණි.

කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුණින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැකපල කරන අතර වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News