රත්නපුර බස් රථ අනතුරකින් 20කට තුවාල

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී ඊයේ(23) සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට ගොස් ආපසු එමින් සිටි මාතර හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් රැගත් බස් රථය මාර්ග අසල නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී මෙලෙස අනතුරට ලක්වි තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20දෙනෙකු ගොඩකවෙල ප්‍රාදේශීය රෝහලට සහ කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවන් 11දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ද වෙයි.